කාන්තාවක් සමග ආයුධ තොගයක් කොටු වූ අමුතු කල්ලිය..
Sri Lanka Police
Sri Lanka
By krishani
විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කඩුවක් සහ තියුණු ආයුධ කිහිපයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මතුගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම නගරය ආසන්නයේ දී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී එම අවිආයුධ සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් අවුරුදු 23ත් 40 අතර වයස්වල පසු වේ.
ඔවුන් දොඩංගොඩ,මතුගම සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
ඔවුන් අද (28) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |