දුම්රිය පරක්කු වුණාට ස්ටේෂමට මගීන් පහර දීලා..
කොළඹ කොටුවේ සිට අළුත්ගම බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය ප්‍රමාද වීම හේතුවෙන් උරණ වූ මගීන් පිරිසක් රත්මලාන දුම්රිය ස්ථානයට පහරදීමේ පුවතක් වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.50 ට අළුත්ගම බලා ධාවනය වන දුම්රිය, රත්මලාන දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් පසු එය පිටත් වීම ප්‍රමාද වී ඇත.
රත්මලාන සහ අඟුලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම දුම්රිය රත්මලාන දුම්රිය ස්ථානයේ තාවකාලිකව නවතා තැබීමට එහි නිලධාරීන් පියවර ගෙන තිබූ අතර එම අවස්ථාවේදී විදුලි බලය නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රමාද දෝෂය පිළිබඳව මගීන් දැනුවත් කිරීමට ඒ අනුව හැකි වී නොමැත.
දුම්රිය ධාවනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි මගීන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙන අතර පසුව අදාළ පිරිස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට කඩාවැදී එහි දේපළවලට අලාභ හානි සිදුකර ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ඇත.