අනවසරයෙන් කැළණි ගඟේ තුනක් මැණික් ගරලා..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 31, 2022 04:13 AM GMT
Report

විශේෂ කාර්‍ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශය (i) හි නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමක දී නීතිවිරෝධී අයුරින් කැළණි ගඟේ මැණික් ගරමින් සිටි පුද්ගල‍යින් තිදෙනෙකු ඊයේ (30) දහවල් කළ වැටලීමකින් කොග්ගල - තොටුපල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් පූගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42,43 සහ 45 යන වයස්වල පසුවන්නන් වන අතර මැණික් ගැරීමට යොදාගත් කම්ප්‍රෙෂර් යන්ත්‍රයක්, වතුර මෝටරයක් සහ තවත් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.