තම ස්වාමියා සිරකුටියෙන් නිදහස් කරගෙන ගෙදර එක්කන් ගිය අරුම පුදුම සුනඛයා..සංවේදී වීඩියෝවක්.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Aruna Nov 20, 2022 11:27 PM GMT
Report

සුරතලයට ඇතිකරන තම සුනඛයා හේතුවෙන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වීමට හැකි වූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් බුලත්සිංහල පොලීසියෙන් වාර්තා වනවා.

පවුල් ආරවුල් පැමිණිල්ලක් මත බුලත්සිංහල පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් සිර මැදිරිය ආසන්නයේ සුනඛයෙකු වැතිර සිටිනු දුටු පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ ඒ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාගේ සුරතලා බවයි.

බින්දු නමැති මෙම සුනඛයා අවස්ථා කිහිපයකදීම එලවා දැමීමට පොලිස් නිලධාරීන් කටයුතු කළත් එය අසාර්ථක වූ තැන බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයාට සිදුවූයේ දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත අදාල සැකකරු සිය සුරතලාද සමඟ මුදාහැරීමටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now