පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද..? ජනපති හා මහින්ද අතර සිදුවූ විශේෂ හමුවේදී තීරණය කළාද..?
                                    
                    Mahinda Rajapaksa
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sri Lanka Presidential Election 2024
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (28) පස්වරු 05.00ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේදී යි. මෙම හමුව ඔවුන් දෙදෙනා අතර පමණක් සිදුව ඇති අතර, එහිදී සාකච්ඡා කෙරුණේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් හෙළිවී ඇත්තේ නැහැ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් ගැනීම සඳහා එම පක්ෂයේ විධායක සභාව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වීමට නියමිතයි.
හෙට පස්වරු 04ට කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.(උපුටාගැනීමක්)
 
                 
                 
                                             
        
     
     
     
     
    