ඩලස් ඇතුළු මන්ත්‍රීවරුන් 14ක් විශේෂ තීරණයක් ගැනීමට සැරසේ - දේශපාලන පෙරලියක්ද..?

Dullas Alahapperuma G. L. Peiris Sri Lanka Sri Lanka Podujana Peramuna Sri Lankan political crisis
By Sewvandhi Aug 20, 2022 07:59 AM GMT
Report

අද (20) අනුරාධපුර පූජා භූමියට පැමිණි අවස්ථාවේ ,ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරාගැනීමේ අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද මෙලෙස අනුරාධපුර පුජා භුමියට පැමිණ තිබුණි.

පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලට ගෙන සිය පෞද්ගලික රථවාහනවල වෙන වෙනම පැමිණීම වෙනුවට මන්ත්‍රී කණ්ඩායම කොළඔ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ බස්රථයකිනි. අනුරාධපුරයට පැමිණි මන්ත්‍රී කණ්ඩායම ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබුණි.අනතුරුව මන්ත්‍රී කණ්ඩායම ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදැක තිබුණි.

එහිදී අදහස් දැක්වූ  මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, "රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම්. අනුරාධපුරයෙන් ඒ ගමන ආරම්භ කරනවා.. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමගින්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now