පොලිස් වෙඩිල්ලෙන් බේරුණු සැකකරු දුම්රියට පනී
ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය පසුගියදා වෙඩිතබා තිබුණු අතර අද (24) උදෑසන එම ත්‍රීරෝද රථය පැදවූ රියදුරා පියදිගමට ආසන ප්‍රදේශයේ දේවලයක් අසලදී දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.
ගාල්ලේ සිට මරදාන දක්වා ගමන් කළ දුම්රියකට ගෙළ තබා එලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, එම පුද්ගලයා වයස අවුරුදු 31ක පමණ පුද්ගලයෙක් බවත් හපුගල, වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්ය
"පොද්දල පොලිස් වසමේ මාර්ග බාධකයක් ක්‍රියාත්මක කරන අවස්ථාවකදී ත්‍රීරෝද රථයක් ගමන් කරමින් තිබුණා. මේ ත්‍රීරෝද රථය නවතා පරීක්ෂාකරන අවස්ථාවේදී එහි සිටි එක් පුද්ගලයෙක් පොලීසියෙන් මිදී පළාගියා.
ඒ වගේම ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් පළා යෑමට කටයුතු කළා. එම රියදුර ත්‍රිරෝද රථයෙන් පළා යන අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩිතැබුවා.
පසුව මෙම ත්‍රීරෝද රථය අනතුරට පත් වුණාට පස්සේ ඔහු එය අතරමඟ අතහැරදමා පළා ගිහින් තිබුණා. ත්‍රීරෝද රථය අතමැද දමා පළාගිය සැකකරු තමයි මේ අකාරයට අද දින දුම්රියට පැන සියදිවි නාසාගෙන තිබෙන්නේ."