ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ මියයයි.(UPDATE)
Update
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේනගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා.
මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එම්.ජී.වීරසේන මහතායි.
...................................................................
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ, හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි සඳහන් වන්නේ.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළා.
කේ. එච්. නන්දසේන මහතා මියයන විට 69 වැනි වියේ පසුවිය.
