පාරිභෝගිකයෙකු මිලදී ගත් මාළුවෙකුගේ බඩේ තිබී හමු වූ අදහා ගත නොහැකි දේවල් (VIDEO)
cancer
Plastic
Fish
facebook video
MEPA
By Sewvandhi
මඩකලපුව ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් මාළුවෙකුගේ බඩේ තිබී සිරින්ජයක්, ප්ලාස්ටික් ඇතුළු විවිධ ද්‍රව්‍ය හමුවීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා.
මෙම මසුන් ආහාරයට ගැනීම සඳහා මිලදී ගත් මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරු කියා සිටියේ එම මාළුවලින් දුර්ගන්ධයක් නිකුත් වීම නිසා එම මාළු කපා විවෘත කරන ආකාරය පටිගත කළ බවයි.
මත්ස්‍යයාගේ බඩේ තිබී ලෝහමය ද්‍රව්‍ය, සිරින්ජයක්, ප්ලාස්ටික් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.
මෙවැනි සෞඛ්‍ය සම්පන්න නොවන මාළු ආහාරයට ගැනීමෙන් මහජනතාව පිළිකා සහ වෙනත් රෝගවලට ගොදුරු වන බවයි වීඩියෝව පිළිබඳව අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ටෙර්නි ප්‍රදීප් මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |