තව විනාශයක් අත ළඟ, බංකර් බස්ටර් බෝම්බ ගෙනියන යානාත් ට්‍රම්ප්ගෙ අතේ

Donald Trump Iran Sinhala news Breaking News US Bunker Buster
By Shehan Jun 22, 2025 04:53 PM GMT
Report

අද (22) වන විට ඊශ්‍රායල - ඉරාන යුද්ධය ආරම්භ වී දින 10 ක් ගත වන බව වාර්තා වේ.

එම යුධ ගැටුමට මැදිහත්වීම පිළිබඳව තීරණයක් ගැනීමට තවත් සති දෙකක කාලයක් ලබාගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (20) දින ප්‍රකාශ කර තිබූණද ඔවුන් ඊයේ (21) දින යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම කාගෙත් අවධානයට ලක් විය.

එහිදී අමෙරිකාව සතුව පමණක් තිබෙන ලොව ප්‍රබලම ප්‍රහාරක ගුවන්යානා වන B-2 යානා යොදාගෙන ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව කටයුතු කළා.

එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයට යොදා ගත් මෙම අමෙරිකානු B-2 ප්‍රහාරක යානා ඊයේ දිනයේ අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවයි.

අඳාළ යානා යොදාගෙන ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශේලේෂකයින් අනුමාන කර තිබූ පසුබිමක අමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළා.

මෙම B-2 යානාවල නියමුවන් දෙදෙනෙකුට එකවර ගමන් කළ හැකි අතර ගුවන් යානා නාශක රේඩාර් පද්ධතිවලට නිරීක්ෂනය නොවී රහසිගතව පියාසර කිරීමේ හැකියාව ද පවතින බව සඳහන්.

එවැනි B-2 යානා 21ක් පමණ අමෙරිකානු ගුවන් හමුදාව සතු වන බව පවසයි.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වෙන්නේ ''බංකර් බස්ටර්'' බෝම්බ රැගෙන ගොස් පහරදීමට හැකි එකම යානා විශේෂ වන්නේ මෙම B-2 යානා වීමයි.

එසේම ''බංකර් බස්ටර්'' බෝම්බ යනු අඩි 200ක් පමණ පොළොව අභ්‍යන්තරයට ගමන් කර භූගත ඉලක්ක විනාශ කළ හැකි බෝම්බ විශේෂයක් ලෙස හඳුන්වයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 13,600 පමණ වන මෙම බෝම්බය ලොව ඇති විශාලතම ‘බංකර් විනාශ කළ හැකි බෝම්බය බව ද සඳහන්.

ඊට අමතරව ආරක්ෂක විශ්ලේෂකයින් දක්වන්නේ GPS තාක්ෂණයෙන්ද සන්නද්ධ වන මෙම බෝම්බයට කොන්ක්‍රීට් මතුපිටක් ඔස්සේ වුවත් යමින් අඩි 200ක් පමණ ගැඹුරක පිහිටි බංකර් විනාශ කිරීමේ හැකියාව පවතින බවයි.