පියුමි හන්සමාලි අලිතින්මකරපු හැමෝම කතාවෙන වැඩේ.. (PHOTOS)

By Sithumi Nov 06, 2022 04:49 PM GMT
Report

ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න සුරූපිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඕනම තැනකදි ඇත්ත කෙලින් කතා කරන කෙනෙක් තමයි ඇය. සමාජ මාධ්‍ය තුළ වැඩි පුරම කතා බහට ලක්වෙන ඇය ගැන නිතරම සමාජ මාධ්‍ය හරහා පුවත් මවන්නට හපන්කම් දක්වන කෙනෙක් තමයි පියුමි කියන්නේ.

මියුසික් වීඩියෝ ගණනාවක වගේම සරාගී ඡායාරූප තුලින් අපිට දකින්නට ලැබෙන පියුමි හංසමාලි පළමු විවාහයෙන් වෙන්වෙලා තනිකඩව කාලයක් ගත කරලා ඉන් පසුව නැවත විවාහ වෙන්න සූදානම් වෙන්නේ

. පියුමි කියන්නේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ ගැන කවුරුත් අවිවාදයකින් පිලිගන්න කරුණක්. ඒ ඇය තම පුතාට ගොඩක් ආදරය කරන බැව් අපිත් ප්‍රේක්ෂකයන් හැටියට හොදින් දන්නා නිසා. පසුගිය දින ඇගේ දගකාර පුතා කාවිංගගේ උපන්දිනය යෙදිලා තිබුණා.

හැමෝම උපන්දිනය පාර්ටි දාලා සමරනකොට පියුමි ඇගේ පුතාගේ උපන්දිනය වෙනුවෙන් හරි අපූරු පින්කමක් සංවිධානය කරලා තිබුණා. ගොඩක් දානමය පින්කම් කරන පියුමි මාධ්‍ය හරහා වගේම ප්‍රේක්ෂකයන් අතරත් ඉතා ජනප්‍රියයි. ඉතින් ඒ වගේම උතුම් පුන්‍යකර්මයක් පසුගිය දා සිදු කරලා තිබුණා. 

 ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බන්ඩාරදූව ගම්මානයේ පුංචි පැළක ජීවත් වන අසරණ පවුලකට නව නිවසක් ඉදි කර දීමට මුල්ගල තබා තිබුණා. ඒ වගේ පින් ඇති වැඩ සටහන් සිදු කරන පියුමි හංසමාලිගේ අනාගතයට වගේම පුංචි පුතාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

GalleryGalleryGallery