පුතුගේ උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට පියුමි හංසමාලිගෙන් නිවසක් - කවුරුත් ආදරේ පියුම්ගෙ නොදත් පැතිකඩ..(PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali Sri Lankan Actress
By Sewvandhi Nov 06, 2022 04:22 PM GMT
Report

 ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න ඉතාමත් සුන්දර කාගෙත් හිත් දිනාගත් සුරූපිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ.ඇය සමාජ මාධ්‍ය තුළ දැඩිව කතාබහට කතා බහට ලක්වන චරිතයක් වන අතර සමාජ මාධ්‍යයෙහි පුවත් මවන්නියක් විදිහටත් ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.

එමෙන්ම ඕනෑම කෙනෙකුට කියන්න තියෙන දේ මුහුණට ම කියන කෙළින් කතාකරන චරිතයක් විදිහටයි පියුමි හංසමාලි ව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ.

මියුසික් වීඩියෝ ගණනාවක වගේම සරාගී ඡායාරූප තුලින් අපිට දකින්නට ලැබෙන පියුමි හංසමාලි පළමු විවාහයෙන් වෙන්වෙලා තනිකඩව කාලයක් ගත කරලා ඉන් පසුව නැවත විවාහ වෙන්න සූදානම් වෙන්නේ. පියුමි කියන්නේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ ගැන කවුරුත් අවිවාදයකින් පිලිගන්න කරුණක්. ඒ ඇය තම පුතාට ගොඩක් ආදරය කරන බැව් අපිත් ප්‍රේක්ෂකයන් හැටියට හොදින් දන්නා නිසා.

පසුගිය දින ඇගේ දගකාර පුතා කාවිංගගේ උපන්දිනය යෙදිලා තිබුණා. හැමෝම උපන්දිනය පාර්ටි දාලා සමරනකොට පියුමි ඇගේ පුතාගේ උපන්දිනය වෙනුවෙන් හරි අපූරු පින්කමක් සංවිධානය කරලා තිබුණා. ගොඩක් දානමය පින්කම් කරන පියුමි මාධ්‍ය හරහා වගේම ප්‍රේක්ෂකයන් අතරත් ඉතා ජනප්‍රියයි.

ඉතින් ඒ වගේම උතුම් පුන්‍යකර්මයක් පසුගිය දා සිදු කරලා තිබුණා. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බන්ඩාරදූව ගම්මානයේ පුංචි පැළක ජීවත් වන අසරණ පවුලකට නව නිවසක් ඉදි කර දීමට මුල්ගල තබා තිබුණා. ඒ වගේ පින් ඇති වැඩ සටහන් සිදු කරන පියුමි හංසමාලිගේ අනාගතයට වගේම පුංචි පුතාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery