ජනප්‍රිය විශේෂ කණ්ඩායමක් ගුවනින් ගමන් කරමින් සිටියදී හදිසියේම ගුවන් යානය ගොඩ බස්වයි.

Football United States of America
By krishani Sep 26, 2023 10:47 AM GMT
Report

පෙන්සිල්වේනියා Pittsburgh හි වෘත්තීය අමෙරිකානු පාපන්දු කණ්ඩායම වන Pittsburgh Steelers ගුවනින් ගමන් කරමින් සිටිය දී එම ගුවන් යානය හදිසියේ ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අදාළ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ය.

ඒ අනුව එම යානය Kansas වෙත හදිසියේ ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එම යානයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගොඩබැස් වූ යානය නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.