විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක් බන්ධනාගාරයට..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
හෝමාගම පිටිපන නගරයේදී, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සිදු කළ විරෝධතාවක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා
ඔවුන් දෙදෙනා අද (14) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.
නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අයුතු ජන රාශිය, රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් යටතේ සැකකරුවන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |