පිටසක්වල ජීවීන් ගැන ඇමෙරිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්..

United States of America
By Aruna Dec 18, 2022 01:38 AM GMT
Report

පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අමෙරිකාව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, පෙන්ටගනය විසින් එම අනාවරණය සිදු කර ඇති බවයි.

ඒ අනුව අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් පවසා ඇත්තේ හදුනානොගත් පියාසර වස්තු පිළිබඳ වාර්තා විමර්ශනයේදී පිටසක්වල ජීවීන් පෘතුවියට පැමිණ ඇති බවට හෝ ඔවුන්ගේ යානා පෘථීවියට කඩා වැටී ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් විෂම වස්තු හෝ හදුනා නොගත් වස්තූන්, අභ්‍යාවකාශයේ හෝ දිය යට තිබේද යන්න විමර්ශනය කිරීමට පෙන්ටගනය දරණ උත්සහය මේ වනවිට විමර්ශනය කෙරෙමින් ඇති නව වාර්තා රැසකට හේතු වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඉතා හදිසි වී කටයුතු කරන බැවින් සැක ඉපදවිය හැකි ඕනෑම වස්තුවක් පිටසක්වල සම්භවයක් සහිත බවට සැක ඇති කරන බව ද එම ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now