වසර 18කට පසු කරළියට ආ මනුෂ්‍ය ඝාතනය - පිල්ලෙයාන් රිමාන්ඩ්
CID - Sri Lanka Police
Pillayan
Law and Order
Latest Headlines
Sinhala news
By R.rishma
2008 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, නඩුව ඊළඟ වර කැඳවන අවස්ථාවේදී තෙවන සැකකරු ලෙස නම් කර ඇති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව, සැකකරු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම අවස්ථාවේදී අධිකරණය අවට ආරක්ෂාව ද තර කර තිබූ බව වාර්තා වේ.