පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙයි.. පෙරලන්නත් හදලා..උණුසුම් තත්ත්වයක්.

Sri Lanka Sri Lanka podujana peramuna Picketing Lake house Gold place
By Aruna Apr 13, 2022 07:21 AM GMT
Report

කොළඹ ගාළු මුවදොර විරෝධතා සිදුකරන විරෝධතාකරුවන් විසින් තම මෝටර් රථය ලුහුබැඳ මෝටර් රථයට පහරදුන් බව ලේක් හවුස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කරනවා.

සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඊයේ රාත්‍රී 12.00 ට පමණ තමන් පෞද්ගලික මෝටර් රථයෙන් කොල්ලුපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදු වූ බවයි.

මෝටර් රථයට පහර දීමෙන් අනතුරුව එය පෙරළා දැමීමට ද ඔවුන් උත්සාහ කළ බව ඔහු විසින් තැබූ සටහනේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now