ඔබේ දුරකථනයට රීලෝඩ් එක වැටුනෙ නැත්නම් වහාම මේදේ කරන්න..

iPhone Sri Lanka
By Aruna Mar 29, 2023 03:31 AM GMT
Report

පාරිභෝගිකයකු සන්නිවේදන ආයතනයකින් (communication) ජංගම දුරකථනය සඳහා යම් මුදලක් රී ලෝඩ් කිරීමෙන් පසුව, එම මුදල අදාළ දුරකථනයට ලැබී නැත්තේ සේවාදායක සමාගමේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනිවාර්යයෙන් ඒ සම්බන්ධව තාක්ෂණික විගණනයක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා මහත්මිය ප්‍රකාශ කළා.

රී ලෝඩ් එකක් ජංගම දුරකථනයට යොදා ගැනීමෙන් පසුව එය දුරකථනයට ලැබී නැතිනම් මුලින්ම, අදාළ රී ලෝඩ් එක යෙදූ ස්ථානයෙන් ඒ පිළිබඳව විමසා තහවුරු කරගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් යම් ගැටලුදායක තත්වයක් පවතී නම් මුලින්ම කළ යුත්තේ සේවා දායක සමාගමට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම බවද අධ්‍යක්ෂවරිය කීවාය.

අදාළ සමාගමෙන්ද ඊට සතුටුදායක පිළිතුරක් නොලැබුණේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බවද ඇය පැවසුවාය.

අදාළ පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලක් වියයුතු බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම විසින් සේවාදායක සමාගමෙන් විමසීමක් කරන බවත්, අදාළ විමර්ශන වාර්තාව සේවාදායක සමාගම විසින් කොමිසමට දින 14ක කාලයක් තුළදී එවියයුතු බවත් ඇය කියා සිටියා.

සේවාදායක සමාගම ලබාදෙන පිළිතුර පිළිගත හැකිනම් ඒ පිළිබඳව විගණනයක් සිදු නොකෙරෙන බවත්, නමුත් එම පිළිතුර සැක සහිත නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනිවාර්යයෙන්ම තාක්ෂණික විගණනයක් සිදුකරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now