දුරකථන ගාස්තු ඉහළ යෑම ගැන අලුත්ම ආරංචිය මෙන්න..දුරකථන පාවිච් කරන අයට අසුභදායක ආරංචියක්?...
Technology
Phone bill
By Aruna
දේශීය ඇමතුම් හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නෑ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ තවත් මිල ඉහළ යාමක් පිළිබදව වාර්තා වනවා.
ඒ, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු බවටයි වාර්තා වන්නේ. තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීම පිළිබදව දුරකථන සමාගම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවයි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ එලෙස ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.
දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |