පිලිපීනයෙන් චීනයට දැඩි විරෝධයක්
චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම උපදේශනයක් සඳහා පිලිපීනය සිය විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පිලිපීන විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ, පිලිපීනයේ යැයි කියනු ලබන ආරක්ෂක අවදානම් පිළිබඳව චීන සිසුන්ට අනතුරු අඟවමින් සිට රටෙහි තත්වය චීනය වැරදි ලෙස අර්ථකථනය කරන බවයි.
චීන සහ අනෙකුත් විදේශීය ජාතිකයන් සම්බන්ධ අපරාධ මෙන්ම විදේශීය ජාතිකයන් විසින් ඔවුන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ ඇතුළු සියලුම අපරාධ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් විසින් නිවැරදි ක්‍රියාපටිපාටියට අනුව සිදු කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
පිලිපීන රජය මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සද්භාවයෙන් යුතුව චීන තානාපති කාර්යාලය ඇතුළු විදේශීය තානාපති කාර්යාල සමඟ කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.