ඉන්ධන මිල යළිත් ඉහලට..? නවතම යෝජනාව මෙන්න..
ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළිත් වරක් රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වෙත මෙම යෝජනාව යොමුකළ බවයි.
කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.
එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඩීසල් ලීටරයක් වෙනුවෙන් මේ වනවිට රුපියල් 50කට ආසන්න පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 15කට ආසන්න පාඩුවක් දරණ බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඩීසල් ලීටරයකින් රුපියල් 35 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් පහක් පාඩු ලබන බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම්දී තිබූ බවයි.
මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම පසුගිය හයවනදා මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කළේ සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |