වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට..!

petrol diesel IOC petrolium
By Sewvandhi Feb 06, 2022 01:19 PM GMT
Report

ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

 ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇත.

මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල රු 124ක් ලෙස දැක්වේ. 

ඒ අනුව,

පෙට්‍රල් 92 - 184

පෙට්‍රල් 95 - 213

ඩීසල් - 124 ලෙස ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now