සැමියා ඉන්ධන පිරවුම්හලේ මිය ගිය බව දැනගත් බිරිද ගේ සංවේදී හැසිරීම (VIDEO)

Petroliom husband death
By Sithumi Mar 20, 2022 12:05 PM GMT
Report

ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී අද (20) ජීවිතක්ෂයට පත්වුණි. ඔහු 70 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටි දොන් එඩ්මන්ඩ් රිචඩ් පෙරේරා නැමති ත්‍රිරෝද රථ රියදුරෙක් බවට අනාවරණය වුණි.

මියගිය පුද්ගලයාගේ බිරිඳට පොලීසියෙන් කළ දැනුම්දීම මත එම ස්ථානයට පැමිණ සිටි අතර, ඇය එම අවස්ථාවේ දී පවා සිය සැමියා මියගොස් ඇතැයි විශ්වාස නොකළාය. එහි සිටි සියලුදෙනාට ඇය සඳහන් කර සිටියේ, දියවැඩියාව සඳහා බෙහෙත් පාවිච්චි කරන සිය සැමියා ක්ලාන්ත තත්ත්වයෙන් ඒ වනවිට පසුවන බවය. "සීනි, පපුවේ අමාරුව තිබුණා. ඒවට බෙහෙත් ගන්නවා."

කෙසේවෙතත් පොලීසියේ සහාය ඇතිව ඇය මියගොස් සිටි සැමියාගේ දේහය ත්‍රිරෝද රථයක දමාගෙන රාගම රෝහල වෙතට රැගෙන යෑමට කටයුතු කළේය. මියගොස් සිටි සැමියාව එලෙස ත්‍රිරෝද රථයට දමා ගත් ඇය විටින් විට සිරුර හොල්ලමින් සිහිය ගැනීමට උත්සහ කරන අයුරුද අප කැමරාවේ සටහන්ව තිබුණි. එම ස්ථානයට රැස්ව සිටි බොහෝදෙනාට එය ඉතා සංවේදී අවස්ථාවක් වුණි

. මෙවැනිම සිදුවීමක් මහනුවර යටිනුවර වීදියේ භූමිතෙල් පෝලිමකින් ඊයේ (19) වාර්තා වූ අතර එහිදී පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now