ඉන්දන මිළ ඉහළ දමන්නැයි.. සංස්ථාවත් ඉල්ලයි

srilanka Petroliom petroliom.prcie
By Sithumi Feb 08, 2022 02:48 PM GMT
Report

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතා පවසයි. ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බව ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.සුමිත් විජේසිංහ මහතා, " ආනයන මිල සමග බලනකොට අපි ජනවාරි මාසය තුළ ඩීසල් ලීටරයකින් ලබලා තියෙන පාඩුව රුපියල් 32.5ක්. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5කට ආසන්න අලාභයක් අපි ලැබුවා. අපි රජය දැනුවත් කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළයෑමක් සංස්ථාව ඉල්ලලා තියෙන්නේ.

" කෙසේවෙතත් අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොවු බවය.

ඊයේ දින එම සමාගම පිළිබඳ බලශක්ති අමාත්‍යවරයා ද  ප්‍රකාශයක් නිකුත් කළා එම ප්‍රකාශය පහතින,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now