පෙට්‍රල් වාහන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ තීරණාත්මක තීන්දුවක් ගනී..

United States of America Electric Vehicle
By Aruna Aug 26, 2022 07:32 AM GMT
Report

පෙට්‍රල් වාහන භාවිතය සම්බන්ධයෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තීරණාත්මක තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ අනුව 2035 වසර වන විට සම්පූර්ණයෙන්ම පෙට්‍රල්වලින් ධාවනය කරන අලුත් රථ වාහන අලෙවිය තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

2035 වන විට කැලිෆෝනියා ප්‍රාන්තයේ ධාවනය කිරීමට ඉඩ ලබාදී ඇත්තේ විදුලි, හයිබ්‍රිඩ් හෝ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක මෝටර් රථ සඳහා පමණයි.

එහි පළමු අදියර යටතේ 2026 වන විට රථ වාහන අලෙවියෙන් සියයට 35 ක් එවැනි වාහන වියයුතු අතර 2030 වන විට එම අගය සියයට 68 ක් දක්වා ඉහළ නැංවිය යුතු වනවා.

දේශගුණික විපර්යාසනයන්ට මුහුණදීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව මෝටර් රථ නිෂ්පාදකයින්ට නව වෙළඳපොලක් නිර්මාණය කිරීමට සිදුවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කැලිෆෝනියා යනු අමෙරිකාවේ ජනාකීර්ණම ප්‍රාන්තයයි.

එමෙන්ම ලෝකයේ විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ප්‍රාන්තයක් ලෙසට ද කැලිෆෝනියාව සැලකෙනවා.

එහි ජීවත් වන ජනගහනය මිලියන 39 කට අධිකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now