අතිරේක ඉන්ධන ලීටර් 200 ක් තබා ගන්න...සියලුම ප්‍රාදේශීය කාර්යාල වෙත විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Udaya gammanpila Petrol
By Aruna Jan 19, 2022 01:25 AM GMT
Report

රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවය සඳහා මෙම ඉන්ධන තොගය රැස්කර තබා ගන්නා ලෙසයි.

මේ අතර ඉන්ධන අඩංගු නෞකා දෙකක් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ළඟා වුණා. එහෙත් එහි ඉන්ධන ගොඩබෑම සිදු නොවුනේ ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now