ගුවන් යානයක එන්ජිමට ඇදී ගිය ගුවන්තොටුපොළ සේවකයා අවසානයේ සිදු වූ දේ. - (VIDEO)

Accident World
By Wayomi May 30, 2024 11:00 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

නෙදර්ලන්තයේ ගුවන්තොටුපොළක සිදුවූ බිහිසුණු අනතුරකින් ගුවන්තොටුපොළ සේවකයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළ සේවකයෙක්.

ඔහු KLM අයත් ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත.

කෙසේ වෙතත් අනතුරින් මියගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ගුවන් යානය නෙදර්ලන්තයේ සිට ඩෙන්මාක් වෙත පියාසර කිරීමට සූදානමින් තිබියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙවැනි අවස්ථාවන්හි රාජකාරී කිරීමේදී දැඩි විමසිලිමත්භාවයක් දක්වන බැවින් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.

එසේම මෙම බිහිසුණු අනතුරත් සමග අදාළ ගුවන්යානයේ සිටි සියලුම මගීන් ඉන් පිටතට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.