17 බස් එකට දෙපාරක් යට වී පුද්ගලයෙක් මියයයි.
Sri Lanka Police
Accident
Death
By Wayomi
තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට දෙපාරක් යටවී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, බත්තරමුල්ල උඩුමුල්ල පාර පදිංචිව සිටි විශ්‍රාමික කාර්යාල කාර්ය සහායකයෙක්.
මාර්ග අංක 17 මහනුවර සිට පානදුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථය කොස්වත්ත සිට බත්තරමුල්ල දෙසට පැමිණ මගින් බැස්සවීම සඳහා බත්තරමුල්ල මාර්ග සංඥා ආසන්නයේ බස් නැවතුමක නවතා තිබෙනවා.
අනතුරුව ඉදිරියට ධාවනය වීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට මාර්ගය මාරුවීම සඳහා යමින් සිටි මියගිය පුද්ගලයාගේ ශරීරයේ ගැටී තිබුණා.
කෙසේ වෙතත් එහිදී එම පුද්ගලයා මාර්ගයේ වැටී බස් රථයේ දකුණු පස ඉදිරිපස රෝදයට යට වී ඇති අතර මගීන්ගේ කෑගැසීමත් සමගම රියදුරු බස් රථය ආපස්සට ගැනීමේදී නැවතත් ඔහු රෝදයට යට වී ඇත.