ශිෂ්‍යයින් දොළොස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කෙරේ..
Sri Lanka Police
University of Peradeniya
Sri Lanka
By Sewvandhi
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමට සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේ,සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඊට සම්බන්ධ සිසුන් 12 දෙනෙකු හඳුනාගත් බවයි.
එම සිසුන්ගේ ශිෂ්‍ය භාවය, විමර්ශනවලට යටත්ව අහෝසි කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය. අදාළ සිද්ධියට සම්බන්ධ වූ බවට සැලකෙන තවත් සිසුන් හඳුනාගැනීම තවදුරටත් ක්‍රියාත්මකය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |