මෙරට එක් පුද්ගලයෙකුගේ ණය බර මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Economy of Sri Lanka
By Sithumi Dec 13, 2022 04:22 PM GMT
Report

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24යි දශම 6යි 9ක්.

ඊට දේශීය ණය රුපියල් බිලියන 13,119යි දශම 4ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 11,574යි දශම 6ක් අයත්. ඒක පුද්ගල ණය බර ගණනය කිරීම වාර්ෂික සමස්ත ණය මධ්‍යම වාර්ෂික ජනගහනයේ බෙදීමෙන් සිදුවන අතර ඒ අනුව මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් 1,114,551 ක්.

මේ අතර රජයේ බදු සංශෝධනවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඊට සමගාමී ව දිවයින පුරා ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

එසේම අපනයන ආදායම ගෙන ඒම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් දෙන ලෙස ඉල්ලමින් ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now