Online ගණුදෙනු කළාට මේ දේවල් ගැන දැනගෙන හිටිය ද?.. ආරක්ෂිතව ගණුදෙනු කරන්න මේ දේවල් ටික දැනගන්න..

By krishani May 26, 2023 09:36 AM GMT
Report

අද අප ජීවත් වන්නේ digitized වූ ලෝකයකය.

මේ බව දෛනික ගනුදෙනු අවකාශයට ද ගෙනැවිත් ඇති වෙනස්කම් බොහෝ ය.අද දෛනික වෙළඳපොලෙහි සිට එනම් ලෝකයේ අනෙක් කෙරවලෙහි වන ගනුදෙනුවකට යාමට සිදුවීම සාමාන්‍ය දෙයකී.

මෙම payments සදහා මැදිහත් වන තොරතුරු තාක්ෂණ යාන්ත්‍රනය payment gateways වේ.

මේ සදහා භාවිතා වූ තාක්ෂණයට අනූව භාවිතාකරන්නන් සමහර විට අනුදැණුමෙන් තොරව වුවත් භාවිතාවන එක් බෙදිමක් වන්නේ 2D සහ 3D වේ.

එනම් වඩාත් පැහැදිලි වීම සදහා මෙසේ පැවසිය හැක.Payment gateway යනු online transactions සදහා හමුවන gatekeeper ලෙසට හඳුනා ගත හැකි අතර මෙම ක්‍රමවේදය Merchants විසින් accept online payments සදහා යොදා ගනී.

මෙහිදී අපට දෘශ්‍ය වන merchants හා customers හැරුනු විට issuing banks හා acquiring banks මේ සදහා මැදිහත් වේ. අනෙකුත් මැදිහත්වන්නා වන Payment Gateway වල කාර්යභාරය මෙම ගනුදෙනුව සාර්ථකව හා ආරක්ශිතව අවසන් කිරීම වන අතර ඒ සදහා භාවිතාවන තාක්ෂණ ක්‍රම වේදයන් 2D Payment Gateway හා 3D Payment Gateway ලෙසට හදුන්වයි.

මෙම පළමු ක්‍රමයේ දී අවශ්‍ය වන තොරතුරු වන්නේ credit/debit card number, expiry date, CVV වන අතර මේවා ලබා දීමෙන් තම Online මුදල් ගෙවීම අවසන් කල හැක.

නමුත් 3D Payment Gateway වල දී පෙර කී මුදල් ගෙවන්නා තම online ගනුදෙනුවක දී අවශ්‍යකල තොරතුරු වලට අමතරව තවත් security ලෙයරයකට මුහුන දෙන්නට සිදුවන අතර බොහෝ විට සිදුවන්නේ තම බැංකුව සමග පෙර එකග කරගෙන ඇති දුරකථන අංකයකට එන One Time Password නැතිනම් OTP එකක් ඔස්සේ දෙවන තහවුරුවක් කර තම මුදල් ගෙවීම වඩාත් ආරක්ෂා කරගැනීමක් ලබා ගැනීමයි.

1999 දී Visa විසින් හඳුන්වාදුන් 3DS protocol නොහොත් පලමු සංස්කරනයේ දී බහුල නොවූ ජංගම දුරකථන භාවිතය බාදාවක් වූ අතර එහි ඊලග සංස්කරනය වූ 3DS2 වලදී වැඩි තොරතුරු ප්‍රමානයක් ඔස්සේ real-time හා වඩාත් ආරක්ෂිත බවක් ගනුදෙනුව වෙහට ගෙනෙන්නට සමත්ව ඇත.

සරලව පවසන්නේ නම් ඔබේ බැංකු කාඩ්පත භෞතිකව ඉදිරිපත් නොකරන ගනුදෙනුවල දී මෙම අමතර ආරක්ෂක පියවර වන OPT එකක් හරහා එය නැවත තහවුරු කරන්නට සිදුවීම භාවිතට පැමිනීම පමනක් නොව එහිදී වැඩි තොරතුරු ප්‍රමාණයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහිදී සිදුවේ.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join