මහ රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට නීති මාලාවක්. (PHOTOS)

United Kingdom Queen Elizabeth II
By Wayomi Sep 12, 2022 11:41 AM GMT
Report

මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එළඹෙන 14 වැනිදා සවස 5 සිට සැප්තැම්බර් 19 වැනිදා උදේ 6.30 දක්වා පැය 24 පුරාම මහජනතාවට අවසර ලබාදී තිබෙනවා.

එලෙස මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් ඇතුළු මහජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කර තිබෙනවා.

- ඒ අනුව රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකළ යුතු අතර වාණිජ ගුවන් යානා භාවිතා කළ යුතුයි.

- රැජිනගේ අවමංගල්‍ය උත්සවයට පැමිණෙන රාජ්‍ය නායකයන්ට පෞද්ගලික මෝටර් රථ භාවිත කිරීමට අවසර නොමැති අතර බසයෙන් වෙස්ට්මිනිස්ටර් ඇබි දේවස්ථානයට දක්වා ගමන් කළ යුතයි.

- විශාල ජනකායක් සහභාගී වීමට නියමිත බැවින් පැමිණෙන මහ ජනතාවට රැය පහන් වනතුරු පෝලිමේ සිටීමට සිදුවනු ඇති.

- එම අවස්ථාවේදී දැඩි ආරක්ෂාක ක්‍රියාමාර් අනුගමනය කිරීමට නියමිත අතර වෙස්ට්මිනිස්ටර් ශාලාවට කුඩා බෑගයක තමන්ට අවශ්‍ය ඇඳුම් සහ ආහාර පමණක් රැගෙන පැමිණිය හැකියි.

- ජාත්‍යන්තර අමුත්තන් රැගෙන එන දූත පිරිස හැකිතාක් සීමා කරන ලෙසත් ආරාධනය ලබා දී ඇත්තේ රාජ්‍ය නායකයාට සහ ආර්යාවට පමණක් බවත් අදාළ උපදෙස් මාලාවේ සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW



GalleryGalleryGallery