පෙට්‍රල් රු. 16කින් සහ ඩිසල් 50කින් ඉහළ යයි?.. අද කරන්න යන දේ මෙන්න.

Sri Lanka Udaya gammanpila Petrol Deasal
By Aruna Feb 14, 2022 02:34 AM GMT
Report

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14 වැනිදා) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ මහතා පවසනවා.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බවයි ඔහු පවසා සිටියේ.

පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මීට පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් ද, ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව,

☑️පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් සියයට 12.7කින් වැඩිවී රු. 157 සිට රු. 177 දක්වා, රු. 20කින්

☑️පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් සියයට 12.5කින් වැඩිවී රු.184 සිට රු. 207 දක්වා, රු. 23කින්

☑️ඔටෝ ඩීසල් ලීටරයක් සියයට 9කින් වැඩිවී රු. 111 සිට රු. 121 දක්වා, රු.10කින්

☑️සුපර් ඩීසල් ලීටරයක් සියයට 10.4කින් වැඩිවී රු. 144 සිට රු. 159 දක්වා, රු.15කින්

☑️භූමිතෙල් ලීටරයක් සියයට 13කින් වැඩිවී රු. 77 සිට රු. 87 දක්වා, රු.10කින් ඉහළ දමනු ලැබුවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now