මියගියා යැයි සිතු කාන්තාව වසර 30 පසු හමුවෙයි..

By Sewvandhi Mar 06, 2023 11:15 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 Puerto Rico හිදී වසර 30 කට වැඩි කාලයක් අතුරුදන්ව සිටි අමෙරිකානු ජාතික කාන්තාවක් සොයාගෙන තිබෙනවා.

82 හැවිරිදි වියේ පසුවන Patricia Kopta නැමති එම කාන්තාව 1992 වසරේ දී Pennsylvania, Pittsburgh හිදී අතුරුදන් වී තිබුණා. 

 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇය මියගිය බවට විශ්වාසය පළ කර තිබු නමුත් වසර 30 කට පසු Puerto Rico හි වැඩිහිටි නිවාසයක දී සොයාගෙන ඇති බවයි

Dementia රෝගයෙන් පෙළෙන ඇය තම ජීවිතය පිළිබඳව තොරතුරු හෙළි කිරීමත් සමඟ Pennsylvania හි බලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට Puerto Rico හි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අනතුරුව ඇයගේ අනන්‍යතාවය හෙළි කර ගැනීමට Pennsylvania බලධාරීන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now