වරායායේ මුදිතාලංකාර හිමියන්ට නාදුනන පුද්ගලයෙකු බරපතළ ලෙස පහර දෙයි.
Sri Lanka Police
Sri Lanka
Crime
By Sewvandhi
බලපිටිය, පාතේගම ශ්‍රි බෞද්ධ මන්දිරයේ හිමි නමට නාඳුනන පුද්ගලයකු අද අලුයම හිසට පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බව වාර්තා වනවා.
තුවාල ලැබූ හිමි නම කරාපිටිය රොහලේ ප්‍රතිකාර ලබන බව යි අහුන්ගල්ල පොලිසිය පවසන්නේ. අවස්ථා කිහිපයක දී ජිවිත තර්ජන ඇති බවට මීට පෙර පහර කෑමට ලක් ව ඇති වරායායේ මුදිතාලංකාර හිමියන් අහුන්ගල්ල පොලිසිට පැමිණිලි කර ඇති බව සඳහන්.
එම හිමියන් මේ පිලිබඳ මානව හිමිකම් සංවිධානයට ද දැනුම් දී තිබෙනවා. විහාරයේ වහළයෙන් ඇතුළු වී ඇති සැකකරු සැතපී සිටි මුදිතාලංකාර හිමිගෙ හිසට පහර දී ඇති බවට යි විමර්ශන නිලධාරින් සැක කරන්නේ.
අද අලුයම 2ට පමණ මෙම පහර දීම සිදුව ඇති අතර, හිමි නම කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් උන්වහන්සේගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |