චමුදිත ගේ ප්‍රහාරයට ජනපති සැක බව චම්පිකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

srilanka Patali.champika
By Sithumi Feb 15, 2022 02:45 PM GMT
Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ඇතැමුන් ඉල්ලා සිටි පරිදි ජනාධිපතිවරයා කෙවිට අතට ගැනීමක් දැයි බලවත් සැකයක් මතු වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි

. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටියි. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මාධ්‍යවේදීන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරිකයන්, මෙන්ම වෘත්තීය සමිති නායකයන් ඇතුළු බලපෑම් කණ්ඩායම් වෙත වෙත එල්ල වන මෙවැනි තර්ජන සහ බියගුළු ප්‍රහාර මගින් ජනතාව බිය වැද්දිය නොහැක. 

 පසුගිය දිනවල ජනාධිපතිවරයාට ඇතැමුන් පැවසු පරිදි මේ ‘කෙවිට අතට ගැනීමක්’ ද යන්න පිළිබඳව අපට බලවත් සැකයක් මතුව තිබේ. මේ පිළිබඳ වහා නිසි පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි රජයට බල කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGallery