PassPort එක Online අරගන්නා ක්‍රමවේදය මෙතනින් දැනගන්න..කාර්යාල තියෙන සියලු ස්ථානත් මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Institute of Information Technology Sri Lanka Western Province Passport
By Aruna Jun 16, 2023 06:42 AM GMT
Report

රජය විසින් අලුතින් දියත් කරන ලද ඔන්ලයින් පද්ධතිය හරහා ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පියවර හතරකින් යුත් සරල ක්‍රියාවලියකින් ගෙනහැර දක්වා තිබෙනවා.

ඔන්ලයින් ගමන් බලපත්‍ර ක්‍රමය ඊයේ (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරුණා.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව, මහජනතාවට පහත ආකාරයට මාර්ගගත ක්‍රමය හරහා ගමන් බලපත්‍ර ලබා ගත හැකිය.

01. මුලින්ම මෙම වෙබ්අඩවිය  www.immigration.gov.lk වෙත පිවිසෙන්න.

02. ඔබගේ පුද්ගලික ජංගම දුරකථනයට යවන ලද මුරපදය ඇතුළත් කරන්න.

03. ඔබගේ මුල් ලේඛනවල ස්කෑන් කරන ලද පිටපත් උඩුගත කරන්න.

04. ඔබේ ඇඟිලි සලකුණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න.

වැඩිදුර විමසීම් අවශ්‍ය නම් 0112 101500 අංකයෙන් බලධාරීන් අමතන ලෙස ඉල්ලා ඇත.

මේ අතර, දෙපාර්තමේන්තුව විසින් සිය කාර්යාල වෙත භාර දෙනු ලබන අයදුම්පත් භාර ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන අතර මාර්ගගත අයදුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 ක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලට තම ඇඟිලි සලකුණු ලකුණු ඉදිරිපත් කළ හැකිය.

එම කාර්යාල සියල්ල පහතින්,

අම්පාර දිස්ත්‍රික්කය - සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර දිස්ත්‍රික්කය - නුවරගම් පලාත

මධ්‍යම, කැකිරාව, හොරොව්පොතාන බදුල්ල - දිස්ත්‍රික්කය

මහියංගන, හපුතලේ

මඩකලපුව දිස්ත්‍රික්කය - වාලච්චේන, කාතන්කුඩි

කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, හෝමාගම

ගාල්ල දිස්ත්‍රික්කය - කරන්දෙණිය, අක්මීමන, නෙළුව

ගම්පහ දිස්ත්‍රික්කය - මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට දිස්ත්‍රික්කය - තංගල්ල, තිස්සමහාරාම

යාපනය දිස්ත්‍රික්කය - චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර දිස්ත්‍රික්කය - ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර දිස්ත්‍රික්කය - ගම්පොල, කුණ්ඩසාලේ, පුජාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චි දිස්ත්‍රික්කය - කරච්චි

කුරුණෑගල දිස්ත්‍රික්කය - කුලියාපිටිය, නිකවැරටිය,

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය.

මන්නාරම දිස්ත්‍රික්කය - මාන්තෙයි බටහිර

මාතලේ දිස්ත්‍රික්කය - නාඋල

මාතර දිස්ත්‍රික්කය - අතුරලිය, දෙවිනුවර

මොණරාගල දිස්ත්‍රික්කය - බුත්තල

මුලතිව් දිස්ත්‍රික්කය - මුලතිව්

නුවර එළිය දිස්ත්‍රික්කය - අඹගමුව, වලපනේ

පොළොන්නරුව දිස්ත්‍රික්කය - ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම දිස්ත්‍රික්කය - පුත්තලම, හලාවත

රත්නපුර දිස්ත්‍රික්කය - බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - කින්නියා

වවුනියාව දිස්ත්‍රික්කය - වෙලංගසෙට්ටිකුලම්