පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්..
Sri Lanka
Passport
By krishani
ලබන 26 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් විදෙස් ගමන්බලපත්‍ර අයදුම් කළ පිරිස් සඳහා වෙනත් දින ලබා දී ඇත.
ඒ සඳහා ලබන 27 සිට 30 දක්වා දින වෙන්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව 26 වනදා උදෑසන 08 ත් 10 ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිස් සඳහා 27 වනදාත්, උදෑසන 10 ත් දහවල් 12 ත් අතර වේලාවන් ලබාදී තිබූ පිරිස් සඳහා 28 වනදාත් වෙන්කර ඇත.
එමෙන්ම දහවල් 12 ත් පස්වරු 02 ත් අතර වේලාවන් ලබා දී තිබූ පුද්ගලයින්ට ලබන 29 වනදා සහ පස්වරු 02 න් පසුව වේලාව වෙන්කර දී තිබූ පිරිස් වෙත ලබන 30 වන සිකුරාදා දින ලබා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |