ලංගම බසය ඉස්සර කරන්න නොදුන්,පෞද්ගලික බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරට ලංගම බසයේ මගීන් එළව එළවා පහර දෙයි..දෙදෙනා ආරක්ෂාව පතා පොලීසියට දුවලා..දර්ශන සියල්ල මෙන්න..(VIDEO)

Colombo Trinco bus driver Kanthale
By Sewvandhi Feb 20, 2022 11:46 AM GMT
Report

ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකුට මගීන් විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධව කන්තලේ ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා. 

 කන්තලේ පොලිස් ස්ථානය අසල දී මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනෙක් කොළඹ බලා යන ලංගම බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට පහර දී තිබෙනවා.

අනතුරුව මගීන් විසින් පෞද්ගලික බස් රථයේ සේවකයින් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

(වීඩියෝ අයිතිය - ස්වර්ණවාහිනී live@8)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now