පාස්පෝට් ලබාගන්න වෙන්කර තිබූ දිනයන් වෙනස් වෙයි - පාස්පෝට් ගන්න අයට විශේෂ දැනුම්දීමක්..!
ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසන්නේ, දෙසැම්බර් 26 වනදා විදෙස් ගමන් බලපත්‍ර සදහා අයදුම් කළ අයදුම්කරුවන් වෙනුවෙන් දෙපාර්තුමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බවයි.
එළඹෙන 26 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබාදීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
වෙන් කර තිබූ දිනය නැවත ලබා දි ඇති දිනය
2022.12.26 පෙ.ව. 8.00 - පෙ.ව.10.00 2022.12.27 අගහරුවාදා 2022.12.26 පෙ.ව. 10.00 - ප.ව.12.00 2022.12.28 බදාදා 2022.12.26 ප.ව. 12.00 - ප.ව. 2.00 2022.12.29 බ්‍රහස්පතින්දා 2022.12.26 ප.ව. 2.00 න් පසු 2022.12.30 සිකුරාදා
එම නිසා 2022.12.26 දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |