දැඩි ආරක්ෂක රැකවල් මැද පාර්ලිමේන්තුව හෙට රැස් වේ

srilanka Politics parliment
By Sithumi Apr 04, 2022 05:25 PM GMT
Report

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට කතා නායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කොට ඇත.

මෙසේ විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේත් ඒ අවට ප්‍රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් ආරක්ෂාව තර කෙරෙණු ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට (5) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.