මොනවද මේ හැමෝම කතාවෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද..

Parliament of Sri Lanka Sri Lanka Parliament Parliament Election 2024
By Sithumini Nov 22, 2024 04:38 PM GMT
Report


පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයත් එක්ක හැමෝගෙම අවදානය යොමු වුණු කාරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කියන මාතෘකාව ඉහළින්ම තියෙනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද අවභාවිත කිරීම වැනි කාරණා පිළිබදවත් කතා බහ වුණා.

කොහොම වුණත් හැමෝටම ලොකු අවබෝධයක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන වරප්‍රසාද මොනවාද යන්න.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතප්‍රකාරව ඔවුන්ට වරප්‍රසාද ගනණාවක් හිමිවෙනවා.

එසේනම් අපි බලමු මොනවද මේ වරප්‍රසාද කියලා.

1. ගිනිඅවි පුහුණුව පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සදහා වැඩි ආලෝකයක් සහිත විදුලි පහන් 4ක්.

2. මාසික වැටුප වශයෙන් රුපියල් 54285ක මුදලක් සහ එක් පාර්ලිමේන්තු සැසියක් සදහා රුපියල් 2500ක දීමනාවක්.

3. මන්ත්‍රී කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක්

4. රුපියල් මිලියනයක් වටිනා රක්ෂණාවරණයක් ජීවිත හානියකදි රුපියල් කෝටියක වන්දි මුදලක්.

5. සාමාන්‍ය අසනීපයකදි පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව

6. තීරුබදු සහන සහිත වාහන බලපත්‍රයක් සහ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක්.

7. මැතිසබය තුළ මන්ත්‍රීවරයෙකු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැකි වීම ,ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම හා ඒ සම්බන්ධයෙන් අතඩංගුවට ගැනීමට හැකියාවක් නැහැ

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත්වෙන අයෙකුට ඉහත ආකාරයේ වරප්‍රසාද හිමි වනවා