අප්‍රේල් 1 වෙනිදා - ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට. - (LIVE VIDEO)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena
By Wayomi Apr 01, 2024 05:42 AM GMT
Report

මේ වනවිට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇති අතර අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම හෙට (02) දිනයේ දී පරාටේ නීතිය සංශෝධනය කිරීමට අදාළ බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත යටතේ වන නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමනයන් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි අගහරුවාදා දිනයේ විවාදයට ගැනීමට නියමිත බවත්, හෙට දිනයේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර එදිනට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.