ආණ්ඩුවේ මන්ත්‍රීන්ට හදිසියේම ලැබුණ දුරකථන ඇමතුම?..
අදින් (26) පසුව ආරම්භ වන සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට විශේෂ දැනුම්දීමක් කර ඇත.
ඒ විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු ගමන් අවලංගු කරමින් ය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
වාර්තා වන්නේ, මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකවම දුරකථන මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙලෙස කොළඹින් බැහැරව නොයන ලෙස දැනුම්දී ඇති බවයි.
කෙසේවෙතත්,ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාරයක නිරත බැවින් දිවයිනට පැමිණිමෙන් පසු ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 28 වැනිදා පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.