සහනාධාර වැඩසටහනක් නවතා දමන්නැයි ඉල්ලීමක්..පාර්ලිමේන්තුවේ උණුසුම් වාදවිවාද(LIVE)
අස්වැසුම අඩු ආදායම්ලාභී සහනාධාර වැඩසටහන තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර සිටියා.
ඒ එම වැඩසටහනේ අසාධාරණකම් කිහිපයක් පිළිබඳ පෙන්වාදෙමින් කථානායකවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවදානය යොමුකරමින්.
මෙහිදී ජගත් කුමාර මහතා පෙන්වාදුන්නේ, ඇතැම් සුදුසු පුද්ගලයන් සහනාධාර ලබාදීමට තෝරාගෙන නොමැති බවත්, ඇතැම් නුසුදුසු පුද්ගලයන් තෝරාගෙන ඇති බවයි.
අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, චමින්ද විජේසිරි, චාර්ල්ස් නිර්මලනාදන්, රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අස්වැසුම වැඩසටහනින් අසාධාරණ සිදුවී ඇති බව ප්‍රකාශ කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, අභියාචනා කාලය තවදුරටත් ක්‍රියාත්මක නිසා එමඟින් අදාළ ගැටළු ඉදිරිපත් කරන ලෙස යි.
මේ අතර අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.