ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්..

Parliament of Sri Lanka Sri Lanka
By Aruna Dec 02, 2022 04:53 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරනවා.

අයවැය කාරක සභා විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තිය නීති ගත කලහොත් පමණක් බවයි.

එනිසා ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අදාල නීති සම්පාදනය කළ යුතු බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

සංක‍්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් වුවත් ශ්‍රී ලංකාව සමාජ ප්‍රතිසංස්කරණ වලට අවතීර්ණ විය යුතු කාලය පැමිණ ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now