අද පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) සිට ආරම්භ වනවා.
දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වනදා රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, පාර්ලිමේන්තුව, අල්ලස් කොමිසම, විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිසන් සභාව, ජාතික විගණන කාර්යාලය ඇතුලු වැය ශීර්ෂ කිහිපයක් අද දිනයේ දී විවාදයට ගැනෙනවා.
අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය පහතින් නරඹන්න.
මේ අතර අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 121 ක් සහ විපක්ෂව ඡන්ද 84ක් හිමි වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14 වනදා ඉදිරිපත් කළ අයවැය යෝජනා දෙවන වර කියවීමේ විවාදය දින හතක් පැවැත්වීමෙන් අනතුරුවයි මෙලෙස ඊයේ ඡන්ද විමසීම පැවැත්වුණේ.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙන්ම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන බවට වාර්තා පළවූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ද ඊට පක්ෂව ඡන්දය භාවිත කළා.
සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධව යි.
දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |