අද පාර්ලිමේන්තුවේ රටේ තත්වය ගැන විශේෂ විවාදයක්(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician
By Aruna Nov 08, 2022 04:40 AM GMT
Report

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වී තිබෙනවා.

පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now