නව අමාත්‍යවරු 38ක් දිවුරයි...පාර්ලිමේන්තුවේ සජීවි විකාශනය ඇරඹේ.(LIVE)
අදත් පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සජීවී විකාශනය පහතින් නරඹන්න.
මේ අතර වත්මන් රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 9.15 වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ.
උදෑසන 09.30 ට පමණ මෙම රාජ්‍ය හා නියෝජ්‍යය අමාත්‍යවරුන්ගේ දිවුරුම්දීම ආරම්භවීමට නියමිත බවයි අප වෙත වාර්තා වුණේ.
අද දිනයේ දිවුරුම් දීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊයේ සාකච්ඡාවක නිරතවූ බව ද වැඩිදුරටත් වාර්තා වනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම මන්ත්‍රීවරුන් වෙත අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත්තේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |