සුවිශේෂී ගැටලුවකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Cabinet
By Sewvandhi Jul 16, 2024 09:21 AM GMT
Report

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදයෙහි සඳහන් "සාවුරුද්දක් ඉක්මවා" යන වචන වෙනුවට "වසර පහක් ඉක්මවා" යන වචන ආදේශ කරමින් 83 වන ව්‍යවස්ථාව (ආ) ඡේදය සංශෝධනය පිණිස අමාත්‍ය මණ්ඩලය සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.

2024 ජූලි 09 වනදා පැවති කැබිනට් රැස්වීමේදී එම අනුමැතිය දී තිබේ. වාර්තා වන්නේ ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කළ කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශන ලැබී ඇති බවයි.

එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඒකාබද්ධ ව ඉදිරිපත්කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.  

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%